• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ – අධ්‍යාපන අමාත්‍ය ඩලස්

29 May 2020
in දේශීය

ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්, ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය වරින් වර විවිධ රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නංවන ලද්දක් වන අතර, එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය විවිධ රාජ්‍ය ආයතන වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කිරීම තුළ බරපතළ ගැටලුවක් මතුවී තිබුණි. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සහ අගරදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් දැනුවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. 

ඒ අනුව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය කිසිම පූජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් කිසිම රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථානගත නොකිරීමට තීරණය කොට ඇත. මෙහි ප්‍රථම පියවර සලකුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවයෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා විසි තුන් දෙනෙකුට ඊයේ (27) අධ්‍යාපන අමාත්‍යතුමන් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන  අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගුරු පත්වීම් ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, “මෙය පාසල් පද්ධතිය හා රටේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වූ අවස්ථාවක්. රට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් විතරක් නෙමෙයි. දරුවන් තාවකාලිකව නිවාස අඩස්සියේ සිටින මොහොතක, විභාග ගැන අධ්‍යාපනය ගැන තාවකාලිකව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට,  පූජක තුමන්ලාට, කන්‍යා සොයුරියන්ට, මේ සඳහා මැදිහත් වන්න කියලා මම ආරාධනා කරනවා…” යැයිද පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය උපාලි සේදර සහ හේමන්ත ප්‍රේමතිලක,  අනුෂා ගෝකුල, ආර්. එම්.  රත්නායක යන අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිතයා ගැන බය වෙන්න එපා – නාවික හමුදාව

Next Post

පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අතහරින්නෙ නෑ – ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

editor

editor

Next Post

පළමුව ජනතාව යන ප්‍රතිපත්තිය අතහරින්නෙ නෑ - ජනපති ලෝක ප්‍රජාව හමුවේ අවධාරණය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved