27 July 2024
#දේශීය

ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිතයා ගැන බය වෙන්න එපා – නාවික හමුදාව

පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය පිළීබද අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ අදාල ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරාගත් ගොඩනැගිල්ලක්වන අතර එහි කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරුණු බවය.

පෙරේදා (27) හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතර පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකු ද වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

මෙ හේතුවෙන් අදාල ගොඩනැගිල්ලේ සිටි නාවික රියදුරන් ඇතුළු පුද්ගලයින් 200ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 351ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒ වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 07දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන්. 

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 691 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති අතර ඉන් 340 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 1469 දෙනාගෙන් 732 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල් ගතවතවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 727ක් වේ. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *