27 April 2024
#දේශීය

විදුලි කප්පාදුවකට තවදුරටත් අවසර නෑ – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බවත් ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ඒ් සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කලේය ” බලාගාර හා ඒ්වාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබද අපි දෛනිකව සමාලෝචනයක් කරනවා. එම සමාලෝචනවල ප්රථිඵල අනුවයි විදුලි කප්පාදුවක් කරන්න අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කරන්නේ. අපි පසුගිය අවස්ථා දෙකේදීම එළඹුණු නිගමනය වුණේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව සැපයුම ලබාදිය හැකි බව. අද දිනයේදී අපි සමාලෝචනයක් කලා අද සිට 31 වන දා දක්වා තත්වය. හෙට දිනයේ සවස් කාලයේදී ඉල්ලුම සපුරාලීමේදී මෙගා වොට් 30ක පමණ ධාරිතාවයක් නිසි විදියට කළමණාකරනය කරගන්න වෙනවා. ඉන් අනතුරුව එළඹෙන සති අන්තයේ විදුලි ඉල්ලුම අඩුවෙනවා. ඒ් නිසා 29 සහ 30 යන සති අන්තයේදී විදුලි කප්පාදුවක් අවශ්‍ය වෙන්නෙ නැ. අපි විදුලි පාරිභෝගිකයන්ගෙන් සහ ආයතනවලින් ඉල්ලා සිටිනවා විදුලිය අරපිරිමැස්මෙන් මේ කාල සීමාව තුල පාවිච්චිකර ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහයෝගය දක්වන ලෙසට. විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සදහා ක්රමවේදයක් සැකසීමටද ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. විදුලි ජනන යන්ත්‍ර හිමි රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සමග අපි සාකච්ඡා ආරම්භ කලා. මේ වන විට එවැනි කණ්ඩායම් දෙකක් සමග කල සාකච්ඡා සාර්ථකව අවසන්. අපගේ යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මුල් අදියරේදී විදුලි හිගයක් පවතින විටදි ජනන යන්ත්ර හිමි ආයතන සිය විදුලි ඉල්ලුම එම ජනන යන්ත්‍රවලින් සපයාගැනීමට දිරිමත් කරනවා. එතකොට ජාතිත පද්ධතිය තුල විදුලි ඉල්ලුම අඩුවෙන නිසා හිග අවස්ථාවල ඉල්ලුම සපුරාලීම පහසු වෙනවා. මේ වැඩපිළිවෙලේ දෙවන අදියරේදී රාජ්ය හා පුද්ගලික ආයතන සතු ජනන යන්ත්ර ජාතික පද්ධතියට සම්බන්ධ කර විදුලිය හිග අවස්ථාවලදී ඒ්වායින් ජාතික පද්ධතියට විදුලිය ලබාගැනීම පිළිබද සොයාබලා තීරණයක් ගැනීමට නියමිතයි.” යැයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *