27 April 2024
#දේශීය

V8 වලින් යන ඇමතිලා ජනතාවට සයිකල් වලින් යන්නලු – විපක්ෂනායක සජිත් කියයි

පාපැදියෙන් රැකියාවට යන්න කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එහෙම යෝජනා කරන අය යන්නේ V8 වැනි සැප වාහනවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(27)පෙරවරුවේ සමගි ජනබලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබු අවස්ථාවට එක්වෙමිනි.

දැන් තරඟෙට සභාපති වරු ඉල්ලා අස්වෙන බවත් එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව ඒවා තුළ ඇතිනිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කොවිඩ් ව්‍යසනය තුළින් අපේ රට දැවැන්ත වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ මෙරට යල්පැන ගිය දේශපාලනය වෙනස් කරමින් විපක්ෂයක් ලෙස රටට අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකවරයා, සෙසු සියලු දේශපාලන පක්ෂ වලටද ඊට ආරාධනා කළේය.

සෞභාග්‍ය දැක්ම වෙනුවට අභාග්‍යයේ දැක්ම නිර්මාණය වී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා , කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රටපුරා වෙලා තියෙන බවත් පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *