#දේශීය

තැන්තැන්වල ආඩපාලි කියලා පක්ෂයෙන් අපිව ඈත් කරන්න කාටවත් පුළුවන් කමක් නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන බවත් එම අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා වෙන්න පුලුවන් හැබැයි ඒ පොඩියට පේන්නේ තමන්ගේ මහ ගෙදර කියන එක අමතක කර ගන්න එපා. අද අපි ආණ්ඩුවේ ඇතුලේ හිටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය තියෙනවා.ඒ අයිතිය කාටවත් නවත්වන්න පුලුවන්කමක් නෑ,තැන්තැන්වල ආඩපාලී කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් කිරීමේ අරමුණ අපෙන් ඈත් කරන්න කාටවත් පුලුවන්කමක් නෑ,ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කිරීම වෙනුවෙන් අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනකමකුත් නෑ යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, හිටපු අමාත්‍යය තිස්ස කරල්ලියද්ද, අනුරාධපුර නැගෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *