• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට කිසිවෙකුට අවසර දී නෑ – ජනපති

25 March 2021
in දේශීය

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නොමැති බවත් විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (24) පස්වරුවේ නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි.

කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කරයි.

වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බව සඳහන් කළ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව පැවසීය.

වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටළුලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටළුවලටයි. 19 වැනි සංශෝධනයෙන් සිදු වූ වැරදි ඉන් එකකි. 20 වැනි සංශෝධනය ගෙන එමින් එම වැරදි නිවැරදි කෙරිණි.
ජාතික ආරක්ෂාව දුර්වලකිරීම නිසා පාස්කු ප්‍රහාරය සිදු විය. ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුන්ම පත් කළ පාස්කු කොමිෂමට පිළිතුරු බැඳීමට සිදුව ඇත්තේ ද වත්මන් රජයටයි. MCC ගිවිසුමට මෙන්ම නැගෙනහිර පර්යන්තය බදුදීමට ගිවිසුම් ගතවූයේ ද පසුගිය රජයේ සමයේය. ඒ පිළිබඳ මතු වූ අර්බුදකාරී තත්ත්වයට ද රජයට මුහුණ දීමට සිදු විය.

ඔවුන්ම ඇතිකළ ගැටළු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව පැවසූ ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටළුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට රජයට සිදුව ඇතැයි පැවසීය.

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැත. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටි. දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් සිදුවනවානම් ඒ පිළිබඳ සොයා බලා කඩිනමි පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා අද උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍යවරුන්වන ජී.එල්. පිරිස්, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, කණක හේරත්, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල, සාගර කාරියවසම්, උදයන කිරිඳිගොඩ, ජයන්ත කැටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

Post Views: 6
Previous Post

ටයිකොන්ඩෝ ක්‍රීඩාවෙන් මෙරටට ගෞරවය ලබාදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම් උත්සවය හෙටයි

Next Post

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

editor

editor

Next Post

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved