27 April 2024
#දේශීය

මිරිහානේ විරෝධතාවයේ යෙදුණු කිසිවෙකු මිය ගොස් නෑ – පොලිසිය

මිරිහාන, පැඟිරිවත්ත ප්‍රදේශයේ ජනාධිපති නිවස ඉදිරිපත් කල විරෝධතාවේදී පොලිස් පහරදීමෙන් රෝහල් ගත කල සැකකරුවෙකු මිය ගිය බවට සමාජ මාධ්‍ය මඟින් පල වන වාර්තා අසත්‍යයි.

එම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන කළුබෝවිල රෝහලට ඇතුළත් කර සිටි කිසිම සැකකරුවෙකු මිය ගොස් නොමැති බව පොලිසිය පවසයි. ඒසේම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *