• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුටු ගන්න කිසිම සුදානමක් නෑ – කථානායක 

3 September 2018
in දේශීය

පාර්ලිමේන්තුවට අළුතින් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට ඇතැම් මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත  කරුණක් බව කථානායක කාර්යාලය පවසයි.  එම කාර්යාලය නිවේදනය කළේ පාර්ලිමේන්තු සභාගර්භයේ බිම ඇතිරිලිද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නැති බවයි. 

විශේෂයෙන්ම පාර්ලිමේන්තු  සභාගර්භය තුල ඇති  ආසන සහ  අනෙකුත්  සියළු උපකරණ කිසියම් ‍‍‍‍ඓතිහාසික   වටිනාකමක්  සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක්  සිදු  කරන්නේනම් එය ඉතා අරපරිස්මින්  යුතුව සිදු කල  යුතු කාර්යයක් බව  කථානායකවරයාගේ  අදහස  බව නිවේදනය කරයි. 

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත. 

එබැවින්, කෙතරම්  පැරණිවුවද  පාර්ලිමේන්තු  සභා ගර්භයේ  අසුන්  වල  යම් අබලන් තත්වයක් පවතීනම් අවම  වියදමකින් අළුත්වැඩියා කිරීම මිස අළුතින් මිලදී  ගැනීම නොකල යුතු බවත්, පාර්ලිමේන්තුවේ පෞඪ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට  ඉඩ නොදෙන බවත්  කථානායකවරයා  විසින් දැඩිව අවධාරණය කර  ඇත.

කෙසේ  වෙතත්, ලෝකයේ දසතින් වැදගත්  රාජ්‍යතාන්ත්‍රිකයන් මෙන්ම  දිනපතා 3500 ඉක්මවන  පාසල් සිසුන් ඇතුළුව විශාල ජනතාවක් ද  පැමිණෙන රටේ  පාලන මධ්‍යස්ථානය වන  පාර්ලිමේන්තු  ගොඩනැගිල්ල කාලීනව පැන නගින අවශ්‍යතා  මත පිලිසකර කර අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ  වගකීම  බැහැරකල නොහැක.

නමුත්,  එම කටයුක්ත  උපරිම  අරපිරිමැස්මෙන්  සහ විනිවිද භාවයෙන් යුක්තව සිදුකරණ බවට   කථානායකවරයාගේ පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මේ  අනූව,  දැනට පාර්ලිමේන්තු වහලයේ සහ  මල නාලිකා පද්ධතියේ  ද වැසිකිලි පද්ධතියේ ද පිලිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව  ඇත.

පාර්ලිමේන්තුවට නව පුටු මිලදී ගැනීමක් පිලිබඳව වත්මන් කථානායකතුමන්ගේ ධූර කාලය තුල මේ දක්වා කිසිඳු අවධානයක් යොමු කර නොමැති අතර, ඉදිරියේ දී ද එවැනි කටයුත්තක්  සිදු   නොවනු  ඇත. එය කලානුරූපව  පැන නගින  අවශ්‍යතා අනූව අනාගතයේ දී පත්වන   වෙනත් කථානායකවරයෙකුට භාර කටයුක්තක්ම වනු ඇත. 

ස්වකීය ධුරයට පත් වූ දින සිට හිටපු කථානායකතුමන්ගේ පැරණි නිළ රථය අළුත්වැඩියා කර භාවිතයට ගනිමින් හිටපු කථානායකතුමන් භාවිතා කළ නිළ කබාය තමාට සුදුසු පරිදි සකස් කර භාවිතා කරමින්, මහජන මුදල් ආරක්ෂා කිරීමෙහිලා වර්තමාන කථානායක කරු ජයසුරිය මැතිතුමන් ලබා දුන් ආදර්ශය මත පිහිටා පාර්ලිමේන්තුව තවදුරටත් කටයුතු කරනු ඇත. 

Post Views: 19
Previous Post

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි පත් කෙරේ 

Next Post

නඩුවලින් බේරෙන්න උද්ඝෝෂණ කරන බව ඇමැති අකිල කියයි 

editor

editor

Next Post

නඩුවලින් බේරෙන්න උද්ඝෝෂණ කරන බව ඇමැති අකිල කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved