නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුකුල්කටුව ග්‍රාම නිලධාරී වසමේ විල්පත්තු ජාතික උද්‍යානයට ආසන්න හේනක පසුගිය 08 වන දින වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී, වේලන ලද ගෝන මස් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 494ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ලෙස ආරක්ෂිත වන සතෙකු වන ගෝනෙකු මරා දැමීම, මස් සන්තකයේ තබා ගැනීම හෝ ප්‍රවාහනය කිරීම දැඩි ලෙස තහනම් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. විල්පත්තුව ජාතික උද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
















