මොරගොඩ බීට්ටු කාර්යාලයේ නිලධාරීන් අද (සැප්තැම්බර් 10) දින කිවුලේකඩ රජයේ රක්ෂිතයේ වැව් ඉස්මත්ත ප්රදේශයේ සිදුකළ මුර සංචාරයක් අතරතුරදී, නීතිවිරෝධී ගිනි අවියක්, කැබැල්ලෑවෙකුගේ ශරීර කොටස්, ගෝනෙකුගේ අං කොටසක්, කේබල් මදු 3ක් සහ පිහියක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රිටිගල වනසත්ත්ව අඩවි ආරක්ෂක රාමසිංහ මහතාගේ උපදෙස් මත මොරගොඩ බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















