නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1,464කට අධික තොගයක් සමඟ ලොරි රථයක් නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය භාරයට ගෙන තිබේ. වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව ඊයේ (13) මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකටයුතු උර 38ක අසුරන ලද මෙම බීඩි කොළ තොගය පුද්ගලයෙකු නොමැතිව නවතා තිබූ ලොරි රථයක් තුළ තිබී සොයාගෙන ඇත. අදාළ බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලිසියට භාර දී ඇති අතර, පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.














