කොළඹ විහාර මහා දේවී උද්යානයේ සත්යග්රහයක නිරතව සිටියදී පහරදීමකට ලක්වූ බව පවසමින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බලංගොඩ කස්සප හිමියන් තම කැමැත්තෙන්ම රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්ය ඉන්දික ජාගොඩ මහතා සඳහන් කළේය.
උන්වහන්සේ ඊයේ (17) සවස හදිසි අනතුරු අංශයට රැගෙනවිත් තිබූ අතර, මූලික ප්රතිකාර සහ පරීක්ෂණ සිදුකර තිබේ. වැඩිදුර ප්රතිකාර සඳහා වාට්ටුවකට ඇතුළත් වන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී රෝහලෙන් පිටව යාමට උන්වහන්සේ තීරණය කර ඇත.
ඒ අනුව, තම කැමැත්තෙන් රෝහලෙන් බැහැර වන බවට අදාළ ලේඛනවල අත්සන් තැබීමෙන් අනතුරුව බලංගොඩ කස්සප හිමියන් රෝහලෙන් පිටව ගිය බව වෛද්ය ඉන්දික ජාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.














