27 April 2024
#දේශීය

විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබා දීමේ උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුරදී

උතුරු මැද පළාත තුල ජීවත් වන අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි තෝරාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් හට විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ලබාදීම පසුගියදා සිදු කෙරිණි.

ඒ්, රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරල් නන්දන සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර තරුණ සේවා සභාවේ යොවුන් නිකේතනයේ දීය. මෙම වැඩසටහන අතර තුර උතුරු මැද පලාත තුල ජීවත් වන රණක්ෂිතයට පත් රණව්රුවන් සඳහා කෘතිම පාද, ඇස් කණ්ණාඩි, සුදු සැරයටි, සෞඛ්‍ය සහ ආබාධිත උපකරණ ලබාදීම ද සිදු විය.

මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නිලධාරී තුෂාර ජයසිංහගේ සංවිධානයෙන් පැවති මෙම වැඩසටහන සඳහා උතුරු මැද පළාත නියෝජනය කරමින් රණවිරු සංසදවල සාමාජිකයන් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *