27 April 2024
#දේශීය

කම්කරුවන් ගැන අපේ රජය සංවේදි නිසා අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කලේ – ඇමැති නිමල්

මේ රටේ වැඩ කරන පංතියේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපේ රජය සංවේදී නිසා , වර්තමාන රජය ජනතාවට සවන් දෙන ආණ්ඩුවක් නිසා අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලින් ඉවත් කිරීමට හැකි වු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා ජා ඇල කම්කරු කාර්යාලය විවෘත කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා කියා සිටියේ, සේවක අර්ථසාධක අරමුදලට අදාළව අධිභාර බද්ධ බද්ද පිළිබඳව ඊයේ අමාත්‍ය මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදී එම අධිභාර බද්දෙන් මෙම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ය.ඒ පිළිබඳව ජනාධිපතිතුමාටත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් මේ රටේ කම්කරු ජනතාවගේ ප්‍රණාමය හිමි වන බව ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට නලින් ප්‍රනාන්දු මහතා ද, කම්කරු අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ මහතා ද ,කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූවහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *