27 April 2024
#විදෙස්

ආහාර හිඟයක් ඇති බවත් එයට ජනතාවට සුදානම් වන්නැයි උතුරු කොරියානු නායක කිම් ජොන් කියයි

දැඩි ආහාර හිඟයකට හා ආර්ථික අස්ථාවරත්වයකට මුහුණ දීමට සිදුවන බව මානව හිමිකම් කණ්ඩායම් අනතුරු ඇඟවීමත් සමඟ “දුෂ්කර” අර්බුදයකට සූදානම් වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ජනතාවගෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මේ බව පැවසුවේ පක්ෂ සම්මන්ත්‍රණයක දී අදහස් දක්වමිනි. එහිදී ඔහු කියා සිටියේ 1990 දශකයේ මාරාන්තික සාගත තත්ත්වයක් මෙවරද ඇති විය හැකි බවයි. 

කෙසේ වෙතත් කොරොන වයිරස් වසංගතය හේතුවෙන් උතුරු කොරියාව සිය දේශසීමා වසා දමා තිබේ. එය සිය ආර්ථික ජීවනාලිය වන චීනය සමඟ වෙළඳාම නතර කර තිබේ.

1990 දශකයේ සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීම තීරණාත්මක ආධාර නොමැතිව උතුරු කොරියාව හැර ගිය විට ඇති වූ දරුණු සාගතයක් තුළ රටේ අරගලය හැඳින්වීමට උතුරු කොරියාවේ නිලධාරීන් විසින් භාවිතා කරන යෙදුමකි. එම කාලය තුළ මිලියන 3 ක පමණ ජනතාවක් මියගොස් ඇතැයි ගණන් බලා තිබේ.

අනතුරු ඇඟවූයේ රට “මෙතෙක් පැවති දරුණුතම තත්වයට” සහ “පෙර නොවූ විරූ අභියෝග රැසකට” මුහුණ දුන් බව ‍කොරියානු නායකවරයා පැවසු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *