වයඹ පළාතේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා සිමෙන්ති ස්ථායීකරණ ක්‍රමය අත්හදා බැලීම ආරම්භ කර තිබේ. බොරලු මාර්ග කඩිනමින් සංවර්ධනය කිරීමේදී පවතින ප්‍රතිපාදන සීමාව හේතුවෙන් විකල්ප ක්‍රමයක් ලෙස මෙය යොදාගන්නා බව වාර්තා වේ.
මෙම ක්‍රමයේදී මාර්ගයේ පස් ස්ථරය පරීක්ෂා කර එයට සියයට 3 සිට 6 දක්වා සිමෙන්ති මිශ්‍ර කරනු ලැබේ. පසුව පස් සහ සිමෙන්ති ඒකාකාරව මිශ්‍ර කර නියමිත තෙතමනය යටතේ සම්පීඩන යන්ත්‍ර භාවිතයෙන් තළා මාර්ගයේ පස් ස්ථරය ශක්තිමත් කිරීම සිදුකෙරේ.
මෙහි පළමු අදියර පොල්පිතිගම ඉරුදෙණියාය ප්‍රදේශයේ ආරම්භ කර ඇති අතර, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා හේරත් එම අවස්ථාවට සහභාගි වී තිබේ.














