බුලත්කොහුපිටිය දේදුගල ප්‍රදේශයේ නිවෙසක් ආසන්නයට පැමිණි ශ්‍රී ලංකා කොටි පැටවෙකු වනජීවී නිලධාරීන් විසින් මුදාගත් බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා කොටියා Panthera pardus kotiya යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවට ආවේණික උපවිශේෂයකි.
සත්වයා මව් සත්වයා වෙත නැවත යොමු කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා වනජීවී සෞඛ්‍ය ඒකකයක් වෙත රැගෙන ගිය බවටද තොරතුරු පළ වී තිබේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














