නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ජංගම සේවාවක් පසුගිය දින (10) බගවන්තලාව හෝලි රෝසි කතෝලික දේවස්ථානයේදී පවත්වන ලදී.
මෙම ජංගම සේවාව හරහා මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ලේඛන සහ සේවාවන් රැසක් ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව, පොලිස් සහතික, උප්පැන්න සහ විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම මෙන්ම ජාතික හැඳුනුම්පත් නොමැති අය සඳහා අවශ්‍ය ග්‍රාම නිලධාරී සහ පොලිස් සහතික ලබා දීම ද මෙහිදී සිදු කෙරිණි. මීට අමතරව, අස්වැසුම සුබසාධක දීමනා සහ වැඩිහිටි දීමනා සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට සහ ඒවා සඳහා අයදුම් කිරීමට ද ජනතාවට අවස්ථාව උදා විය.
තම ප්‍රදේශයටම පැමිණ මෙවැනි සේවාවක් ලබා දීම හේතුවෙන් වතු කම්කරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර, ඔවුන් සිය අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට හැකිවීම පිළිබඳව සිය සතුට පළ කළහ.














