• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල්ගේ බිරිඳගේ නමට හෝකන්දර ඉඩම ලියද්දී ඇය ආවේ නැහැ

නොතාරිස්වරයා මහාධිකරණයේදී සාක්ෂි දෙයි

9 June 2026
in දේශීය, පුවත්
විමල්ගේ බිරිඳගේ නමට  හෝකන්දර ඉඩම ලියද්දී  ඇය ආවේ නැහැ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇගේ සහෝදරිය සහ මස්සිනා විසින් රුපියල් ලක්ෂ 18කට හෝකන්දර ප්‍රදේශයෙන් මිලදී ගත් ඉඩමක ඔප්පු ලියන අවස්ථාවට ඇය සහභාගි නොවූ බව නීතිඥ හා නොතාරිස් ජනක එස්. ඔලබොඩුව මහතා ඊයේ (08දා) කොළඹ මහාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලය තුළදී තම නීත්‍යානුකූල වැටුපෙන් සහ උපයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව මත ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති නඩුව, කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී මෙම සාක්ෂි ලබාදීම සිදු විය.
මෙහිදී සාක්ෂි දුන් නොතාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ හෝකන්දර, අලුත්ගේවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩමේ පැවරුම්ලාභිනිය ලෙස රන්දුනු මුදියන්සේලාගේ ෂෙහර්ෂා උදයන්ති රණසිංහ (විමල් වීරවංශ මහතාගේ බිරිඳ) යන අය නම් කර තිබූ බවයි. විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේ විකුණුම්කරු විදේශගතව සිටි නිසා පැමිණ නොසිටි අතර, පැවරුම්ලාභිනිය නොපැමිණි හේතුව තමන් නොදන්නා බවයි. ඉඩම මිලදී ගන්නේ විමල් වීරවංශ මහතාගේ බිරිඳ වෙනුවෙන් බව අලෙවි නියෝජිතයා තමන්ට දන්වා තිබූ බවත්, ඊට සාක්ෂිකරුවකු ලෙස ඇගේ සහෝදරියගේ සැමියා වන බදුගේ ප්‍රදීප් චමින්ද යන අය අත්සන් තැබූ බවත් හෙතෙම පැවසීය.
නඩු විභාගයේදී රක්ෂණ සමාගමක සහකාර කළමනාකරුවකු වන සමන් වසන්ත යන අය ද සාක්ෂි දුන් අතර, විත්තිකාර විමල් වීරවංශ මහතාගේ මෝටර් රථයේ රක්ෂණ වාරිකය වෙනුවෙන් 2012 වසරේදී රුපියල් 317,792.57ක මුදලක් චෙක්පතක් මඟින් තම සමාගමට ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, එම චෙක්පත නිෂ්කාශනය සඳහා ඉදිරිපත් කර ඇති බැවින් එය නිකුත් කළේ කවුරුන්දැයි නිශ්චිතවම කිව නොහැකි බව විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ ඔහු කියා සිටියේය.
නඩුව යළි ලබන 25 වැනිදා කැඳවීමට නියමිතය. පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දිස්නා ගුරුසිංහ යන මහත්ම මහත්මීන් පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා පෙනී සිටියේය.
Post Views: 4
Previous Post

බහරේන් අඹ උළෙලේදී ලංකාවේ අඹවලට ඉහළ ඉල්ලුමක් ලංකා තේ’ ප්‍රවර්ධනයටත් විශේෂ කුටි

Next Post

දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අම්පාරේ දිරිය කතුන් ඇගයීමට විශේෂ උපහාර උළෙලක්

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය ආර්ථිකය  ශක්තිමත් කරන  අම්පාරේ දිරිය කතුන් ඇගයීමට විශේෂ උපහාර උළෙලක්

දේශීය ආර්ථිකය ශක්තිමත් කරන අම්පාරේ දිරිය කතුන් ඇගයීමට විශේෂ උපහාර උළෙලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved