ජාතික ජන බලවේගයේ යාපනය දිස්ත්‍රික් කාර්යාලය ඊයේ (23) යාපනය, අරියාලෙයි ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
උතුරු පළාතේ ජනතාවගේ දේශපාලන, සමාජීය සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ජනතාව සමග සෘජුව සම්බන්ධ වෙමින් කටයුතු කිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ. ජනතා සහභාගීත්වයෙන් ඉදිරියට ගෙන යන දේශපාලන ගමනේ නව අදියරක් ලෙස මෙය හැඳින්විය හැකිය.
මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංගුමරන් සහ ජේ. රජීවන්, නාගරික මන්ත්‍රීවරුන් වන සු. කපිලන් සහ එස්. ප්‍රදීපන් යන මහත්වරුන් ඇතුළු යාපනය දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ විශාල පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වූහ.














