වාරියපොල – කුඹුක්ගැටේ මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 85 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කුඹුක්ගැටේ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ අදාළ පදිකයාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ වාරියපොල ප්‍රදේශයේ පදිංචිව සිටි වයෝවෘද්ධ පුද්ගලයා වාරියපොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාරියපොල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.














