මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පෙළපාළි සහ රැලි 21ක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ මැයි දින රැළිය කොළඹ ගාලු මෝදර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්වූ බව ඔහු සිහිපත් කළේය.
ලොව පුරා පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමට සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා රජයට සහාය දැක්වීමේ අරමුණින්, මෙවර මැයි දින සැමරුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් විසිරී යන පරිදි සංවිධානය කිරීමට තීරණය කර ඇත.
මෙම තීරණය හරහා ජනතාවට දුර බැහැර සිට කොළඹට පැමිණීමට සිදුවන ඉන්ධන වැයවීම පාලනය වන බව ජාතික ජන බලවේගයේ විශ්වාසයයි.












