මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවූ අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කළ බවට විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි.
අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මුදල් ලේකම්වරයා පැමිණීම ප්‍රතික්ෂේප කළ බවට විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ මහජනතාව නොමග යවන සුළු ප්‍රකාශ බවයි. එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත්, රජයේ නිලධාරීන් පාර්ලිමේන්තු කාරක සභා සහ ක්‍රියාවලීන් සමඟ නිසි පරිදි සහයෝගයෙන් කටයුතු කරන බවත් ඇය අවධාරණය කළාය.
පදනම් විරහිත චෝදනා එල්ල කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු අඩාල කිරීමට උත්සාහ නොකරන ලෙසත්, සත්‍ය තොරතුරු මත පදනම්ව විවේචන ඉදිරිපත් කරන ලෙසත් මන්ත්‍රීවරිය මෙහිදී විපක්ෂයට දැනුම් දුන්නාය.














