ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිති කරගනිමින්, ජනතාව අතර ඉතිරිකිරීමේ පුරුද්ද සහ පරිසර සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “නැකතට පැළයක්” වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. සුභ නැකතට ගනුදෙනු කරන පාරිභෝගිකයන් හට ආර්ථික වටිනාකමකින් යුත් පැළයක් ලබාදීම බැංකුව වසර ගණනාවක් පුරා පවත්වාගෙන එනු ලබන සුවිශේෂී සම්ප්‍රදායකි. මෙම වැඩසටහන හරහා අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම මෙන්ම පරිසරය සුරැකීම සඳහා රුක් රෝපණය කිරීමේ වැදගත්කම බැංකුව අවධාරණය කරයි.
මෙවර අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේ ප්‍රධාන උත්සවය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති, ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන කාර්යාලීය ශාඛාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම අවස්ථාවට වැඩබලන සාමාන්‍යාධිකාරී රෝහණ බණ්ඩාර වීරකෝන් මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සහ ගනුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ. NSB කෘෂි වනවගා ව්‍යාපෘතිය (Agro Forestry) මඟින් ශක්තිමත් කෙරෙන මෙම මුලපිරීම, ජාතික මට්ටමේ තිරසාර ජීවන රටාවක් ගොඩනැගීමේ සමාජ වගකීමක් ලෙස බැංකුව හඳුන්වා දෙයි.
සම්ප්‍රදානුකූලව එදින බැංකුව සමඟ ගනුදෙනු කරන සැමට වාසනාව සංකේතවත් කරමින් රුපියල් 10 කාසියක් පිරිනැමීම ද සිදු කෙරිණි. මීට අමතරව, දිවයින පුරා පිහිටි තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත පැමිණ අලුත් අවුරුදු ගනුදෙනු සිදුකරන පාරිභෝගිකයන් වෙනුවෙන් ද විශේෂ මුදල් ත්‍යාග පිරිනැමීමට බැංකුව කටයුතු යොදා ඇත.














