හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාට ඇප ලබා දීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් වංචා කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය 14 වැනිදා හඟුරන්කෙත ප්‍රදේශයේදීය.
















