2026 වසරේ මුල් මාස හය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී සහ ගුවන් යානා මෙහෙයුම් සම්බන්ධ දත්ත වාර්තා වී තිබේ. ඒ අනුව, එම කාල සීමාව තුළ ගුවන්තොටුපොළ හරහා සිදුවූ සමස්ත මගී සංඛ්‍යාව 4,748,481ක් ලෙස සනිටුහන් වී ඇත.
මෙම කාලසීමාව තුළ වාර්තා වූ සෙසු ප්‍රධාන දත්තයන් පහත දැක්වේ.
මෙම මාස හය තුළදී හසුරුවා ඇති සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 30,659කි. ශ්‍රී ලංකාව වෙත පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,146,573ක් ලෙස වාර්තා වන අතර, එම කාලය තුළ සංක්‍රමණ මගීන් (Transit Passengers) 424,856 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවාවන් ලබාගෙන තිබේ.
















