• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ග්‍රාමීය ආර්ථිකය නැංවීමට වැඩසටහන් රාශීයක් ක්‍රියාත්මක කර තිබෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

28 March 2021
in දේශීය

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මෙම වර්ෂයේ ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත් ඒ සදහා වැඩසටහන් රාශීයක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටාන ආසනයේ මාර්ග වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවට (27) දින සහභාගී වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කටාන ආසනයේ ආඬිඅම්බලම කිඹුලාපිටිය මාර්ගය, මුරුතාන බම්ඹුකුලිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. දුර ප්‍රමාණය කිලෝ මීටර් 5.4 ක් වන අතර ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 142 කි. මෙහි කොන්ත්‍රාත් අධීක්ෂණය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.

කොච්චිකඩේ ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය මග හැර යාම සඳහා විකල්ප මාර්ගයක කොටසක් ලෙස ආඬිඅම්බලම හා කිඹුලාපිටිය මාර්ගය භාවිතා කළ හැක. දීර්ඝ කාලයක් මෙම මාර්ගය අබලන්ව පැවති අතර මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරනු ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී විශේෂයෙන් කාන්තාව සවිබල ගැන්වීම අපේ අරමුණයි. මේ හරහා රටේ ආර්ථිකයට ක්‍රියාකාරී දායකත්වයක් ඔවුනගෙන් ලබා ගැනීම සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය ඇතුලු බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහුන දීමට නොහැකිව ඇතැම් ප්‍රදේශ අදටත් වසා දමා තිබෙනවා. නමුත් අපේ රට කොරෝනා වසංගතය පාලනය කර ගනිමින් හා එන්නත්කරණය සාර්ථකව සිදු කිරීම නිසා රට විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් මේ වන විට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු ඇතුලු දෛනික කටයුතු සිදු කරමින් පවතිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් සියල්ල විවෘත කරන්න දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඉදිරි මාස තුන හතර ඇතුලත අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබා දීම රජයේ අරමුණයි.”

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න, කටාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Post Views: 10
Previous Post

ඉන්දියාවේ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය ශ්‍රී ලාංකික චිත්‍රපට සංරක්ෂණය කිරීමට සැරසෙයි

Next Post

බුද්ධිමතුන්ගේ පර්යේෂණ විදාතා නිලධාරීන් හරහා ගමට ගෙනයනවා – රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

editor

editor

Next Post

බුද්ධිමතුන්ගේ පර්යේෂණ විදාතා නිලධාරීන් හරහා ගමට ගෙනයනවා - රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved