ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් විවිධ සංදර්ශන පවත්වමින් “ආණ්ඩුවට වසර දෙකයි, රටට සහ ජනතාවට සුබයි” යනුවෙන් ප්‍රකාශ කළද, එම වසර දෙක සම්පූර්ණ වන මොහොතේදීම ජනතාවට සුබදායී අනාගතයක් පිළිබඳ පෙරනිමිත්තක් දැකගත නොහැකි වූ බව ජනඅරගල සන්ධානයේ ජාතික විධායක කාරක සභා සාමාජික ඉමම නුවන් බෝපගේ මහතා පවසයි.
ආණ්ඩුවේ එම වසර දෙකේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ වන මොහොතේදීම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වීම ඊට කදිම නිදසුනක් බව ඔහු පෙන්වා දෙයි. විධායකය හෙවත් කැබිනට් මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක් ජනතාවට අභියෝග කිරීමට ඇති එකම අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121 වගන්තිවල දැක්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීම පමණක් බවත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශවල පවා මෙවැනි පනත් ක්‍රියාවට නැංවීමට පෙර…













