ඉදිරි වසර දෙක තුළ අලි – මිනිස් ගැටුමට ස්ථීර විසඳුමක් ලබාදීම සඳහා රජය විසින් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන්ගේ සුබසාධනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ඔවුන් වෙත යතුරුපැදි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනජීවී නිලධාරීන් 38 දෙනෙකු වෙත යතුරුපැදි පිරිනමන ලද අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














