නුවරඑළියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජල මූලාශ්‍ර සහ ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්‍රිත හෙක්ටයාර 1,500ක භූමි ප්‍රමාණයක් ආරක්ෂිත ප්‍රදේශ ලෙස ගැසට් කිරීමට තීරණය කර තිබේ. දිස්ත්‍රික්කයේ පරිසර සංරක්ෂණය, තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම අරමුණු කරගත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.
පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, නුවරඑළිය සංචාරක කලාපයේ හෝටල් සහ සෙසු ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීම කඩිනම් කිරීමටත්, අපජලය විධිමත්ව බැහැර කිරීම සහතික කරමින් ජල මූලාශ්‍ර දූෂණය වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමටත් මෙහිදී උපදෙස් ලබා දී ඇති බවයි. ජල පෝෂක ප්‍රදේශ සුරැකීම තුළින් නායයෑම් වැනි ස්වාභාවික ආපදා අවම කර ගැනීම සහ නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීම මෙහි මූලික අපේක්ෂාව වේ.
















