බිරිඳගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කිරීමෙන් පසු සැමියා පොලීසිය වෙත පැමිණ භාර වූ පුවතක් නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වේ. පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳගේ හිසට පොරවෙන් පහර දී තුවාල සිදු කර තමන් පොලිසිය වෙත පැමිණි බව සැකකරු විසින් පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
තුවාල ලබා සිටි බිරිඳ ප්‍රදේශවාසීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එහිදී ඇය මියගොස් ඇති බව පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය පොලිස් වසමට අයත් බොරලන්ද විනයාගපුරම් ප්‍රදේශයේ පදිංචි චිත්‍රා දේවි නම් 43 හැවිරිදි තිදරු මවකි.
මියගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නුවරඑළිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















