වයස අවුරුදු 16 ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය සූදානම් වන බව එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලක්සන් ප්‍රකාශ කර තිබේ.
අදාළ නීති උල්ලංඝනය කරන සමාජ මාධ්‍ය සමාගම්වල ගෝලීය ආදායමෙන් සියයට 10 ක් දක්වා දැවැන්ත දඩයක් පැනවීමට ද මෙමඟින් යෝජනා කර ඇත. සමාජ මාධ්‍ය නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට, අධ්‍යාපනයට සහ නින්දට එල්ල වන බලපෑම් වැළැක්වීම මෙහි අරමුණයි. මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ ඩිජිටල් අනන්‍යතා ලේඛන හරහා පරිශීලකයන්ගේ වයස තහවුරු කිරීමට සමාගම් පියවර ගත යුතු අතර, පසුගිය දෙසැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියාව ද මෙවැනිම තහනමක් ක්‍රියාත්මක කළ ලොව පළමු රට බවට පත් විය.














