නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඔහුට සහයෝගය ලබා දුන් පුද්ගලයින් දෙදෙනා ඇතුළු සිව්දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (16) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය ඔවුන්ව මෙම මස 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූවන් අතරට ඝාතනයේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයෙකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ද අයත් වේ.














