තලවකැලේ නගරයේ සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් පවත්වාගෙන ගිය ආපනශාලා තුනක් දින 30ක කාලයක් වසා දැමීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය ඊයේ (16) නියෝග කළාය.
කොටගල සහ තලවකැලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සිදු කළ හදිසි වැටලීමකදී ආහාර පනතේ රෙගුලාසි උල්ලංඝනය කරමින් අපිරිසිදු අයුරින් පවත්වාගෙන ගිය මෙම ආපනශාලා හඳුනාගෙන තිබුණි.
අධිකරණය විසින් මෙම හෝටල් හිමියන් තිදෙනාට රුපියල් 35,000 බැගින් මුළු දඩ මුදල ලෙස රුපියල් එක්ලක්ෂ පන්දහසක් (105,000) නියම කරන ලදී. එම ආපනශාලා පිරිසිදු කර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් කර, ඔවුන් මගින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පමණක් නැවත ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකි බව මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.














