ජපානයේ අයිචි නගෝයාහි පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ ගෞරවය 16 හැවිරිදි කලාත්මක ජිම්නාස්ටික් ක්‍රීඩිකා නුයාරා නිසින්දි ප්‍රනාන්දුට හිමි වුණා. නුයාරා සමඟ නූතන පෙන්තතලෝන් ක්‍රීඩක ඉසිවරුණ ද සිල්වාද ශ්‍රී ලංකාවේ ධජධාරියෙකු ලෙස සහභාගි වුණා.
2009 වසරේ උපන් නුයාරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ජිම්නාස්ටික් තරගාවලි සඳහා සහභාගි වී ඇති අතර, 2025 දකුණු කොරියාවේ පැවති ආසියානු කලාත්මක ජිම්නාස්ටික් ශූරතාවලියේදී ලකුණු 42.699ක් ලබා ගනිමින් කාන්තා සියලු ඉසව් අංශයේ 24 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩිකාවක් ලෙසද නුයාරා අවධානයට ලක්ව සිටින අතර, ඇය මීට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලටද ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් රැසකට සහභාගි වෙමින් සිටිනවා.
















