27 April 2024
#දේශීය

ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල්වලින් මිල වෙනසක් නෑ

ඉන්ධන මිල සුත්‍රය යටතේ කරන ලද කරන ලද මිල සමාලෝචන යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත බව මුදල් අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක් 145 ලෙසද ඔටෝ ඩීසල් ලිටරයක් 118 ලෙසද තවදුරටත් අලෙවි කරනු ලැබේ.

කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු 155 සිට රු 157 දක්වා රු 2 කින්ද සුපර් ඩීසල් ලීටරයක් රු 130 ලෙසද මිල නියම කර තිබේ.

ඉන්ධන මිල සුත්‍රය යටතේ ඉන්ධන මිල සෑම මසකම දහ වන දින සමාලෝචනය කරනු ලැබේ. මෙම තීරණය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද දින මුදල් අමාත්‍යාංශයේ ද මාධ්‍ය අමතමින් පැවැසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා රාජ්‍ය සේවයේ සමස්ත කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති බව පැවසිය. මේ සඳහා අවශ්‍ය අනුමැතිය පතා ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

දුම්රිය වැඩ වර්ජනය පිළිබඳ අදහස් දැක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පීඩාවට පත් දුම්රිය මගීන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි සඳහන් කළේය.

ඒ අනුව දුම්රිය ප්‍රවේශපත් සහිත මඟීන් ප්‍රවාහනය කිරිමට කැමැති පෞද්ගලික බස් හිමියන්ට ජාතික ප්‍රවාහන කොමිසන් සභාවේ ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා මෙසේ දුම්රිය මගීන්ට ප්‍රවාහන පහසුකම් සලසන පෞද්ගලික බස් හිමියන්ට මුදල් අමාත්‍යාංශය මඟින් ඒ සඳහා මුදල් ගෙවන බවටද පොරොන්දු විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *