ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවැත්වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡාවට පෙර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී (Wang Yi) අතර විශේෂ හමුවක් පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව අතරතුර පැවැත්වෙන මෙම හමුවේදී දෙරට අතර සබඳතා මෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරුන්ගේ හමුව පිළිබඳවද අවධානය යොමුකිරීමට නියමිතය. කෙසේ වෙතත්, ඇමෙරිකානු මැතිවරණවලට චීනය බලපෑම් කළ බවට ට්‍රම්ප් විසින් නැවතත් එල්ල කරන ලද චෝදනා හමුවේ දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික තත්ත්වය තරමක් සංකීර්ණ වී ඇති බවද වාර්තා වේ.














