27 April 2024
#සංවර්ධන

2025 සැමට පානීය ජලය සඳහා වැඩපිළිවෙළක් – රාජ්‍ය අමාත්‍ය සනත්

2025 වර්ෂය වන විට මේ රටේ සමස්ථ ජනගහනයෙන් 98% කට පානීය ජලය ලබා දීමට වැඩපිළිවෙළක් සූදානම් කළ ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින්, “රට ඇතුළේ පානිය ජලය පිළිබඳව දැවැන්ත ගැටලුවක් තිබෙනවා කියලා අතිගරු ජනාධිපතිතුමාහට දැනගන්න ලැබුණා. ඒ අනුව සොයා බැලුවාම රටේ සමස්ථ ජනගහනයෙන් 53.7% ට තමයි ඒ වනවිට පානිය ජලය තිබුණේ. ඒකෙත් බෙදා දීමේදී විශාල අර්බුදයක් තිබුණා. මේ නිසා සැමටම පානීය ජලය ලබාදීම සඳහා යම්කිසි ව්‍යාපෘතියක් හැදීමට අතිගරු ජනාධිපතිතුමා අපට කිව්වා 2025 සැමට පානීය ජලය සඳහා වැඩපිළිවෙළක් හදන්න කියලා. මෙය ඇත්තටම අභියෝගයක්. මේ සඳහා අපි හොඳ වැඩපිළීවෙළක් නිර්මාණය කළා. අපි මේ වෙද්දි 2025 වන විට මේ රටේ සමස්ථ ජනගහනයෙන් 98% කට ජලය ලබා දෙන්න සූදානම් කරලා තිබෙනවා. මෙහිදි කඩිනම් විසඳුම්, මධ්‍යකාලීන විසඳුම්, දිර්ඝකාලීන ස්ථිර විසදුම් වශයෙන් කොටස් තුනකට කඩාගෙන සැලසුමක් කරලා තිබෙනවා. කඩිනම් විසඳුම් හැටියට අපි කල්පනා කරලා තිබෙන්නේ වකුගඩු රෝගීන් බහුලව වෙසෙන ප්‍රදේශවලට හොඳ වතුර පොදක් දෙන්න. එයට භාවිතා කළ නවීන තාක්ෂණික ක්‍රමවේදය තමයි නැනෝ පිරිපහදු කට්ටලය. නවීන ක්‍රමවේදය තමයි නැනෝ තාක්ෂණික ක්‍රම භාවිත කරලා ජලයේ තිබෙන අගුණ ටික නැති කරලා මනුෂ්‍ය ශරිරයට අවශ්‍ය ඛනිජ වර්ග, ලවණ වර්ග ඉතුරු කරන ක්‍රමවේදයක් තමයි අපි සූදානම් කළේ යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *