27 April 2024
#දේශීය

පරණ කොමිසම අහෝසියි – අලුත් ජාතික වැටුප් කොමිසමක් එයි !

පසුගිය ආණ්ඩුව මගින් පිහිටුවන ලද ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාව ආහෝසි කිරීමට තීන්දු කර තිබේ.

ඒ වෙනුවට ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා රජයට සහායවීම පිණිස ජාතික වැටුප් කොමිසන් සභාවක් ස්ථාපිත කර ඇත.

රාජ්‍ය හා පෞද්ගලික අංශවල වැටුප් වල තිරසාරභාවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම අංශවල වැටුප් ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් සමස්ත රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශවලද ශ්‍රමබල අවශ්‍යතා යෝග්‍ය පරිදි සපුරාලීම එහි අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

උපාලි විජේවීරගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසන් සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

එම සාමාජිකයන් පහත දැක්වෙයි.

චද්‍රානි සේනාරත්න , ගෝඨාභය ජයන්ත , සුජානි කුරේ , මධුරා වේහැල්ල , එම්.එස්.ඩී රනසිරි , වෛද්‍ය ආනන්ද හපුගොඩ , මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න , අජිත් නායනාකාන්ත , රවී ලියනගේ , සනත් එදිරිවීර , මහාචාර්ය රංජිත් සේනාරත්න , ඉංජිනේරු ආර්.එම් අමරසේකර , විශ්‍රාමික මේජර් ජනරාල් , සිරි රණවීර සහ ඩබ්.එච් පියදාස.

Leave a comment

Your email address will not be published. Required fields are marked *