27 April 2024
#දේශීය

උදයංග 17 තෙක් රිමාන්ඩ් !

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයංග වීරතුංග එළැඹෙන  17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක  ඊයේ (14) නියෝග කළේය.

උදයංග වීරතුංග  අද අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ  අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේය.

මහින්ද  රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග පසුගිය 13 වනදා  වනතුරු මාස 4කට ආසන්න කාලයක් ඩුබායි හි රිමාන්ඩ් භාරයේ පසුවිය.

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට උදයංග වීරතුංගට චෝදනා එල්ලවී ඇති අතර එහෙත් ඔහු පවසන්නේ අදාල චෝදනාව දේශපාලන පළිගැනීමක් ලෙසය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *