• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් අමාත්‍ය ඩග්ලස් ප්‍රධානත්වයෙන් විවෘත කරයි

28 July 2022
in සංවර්ධන

ඔලුවිල් වරාය අෂ්රෆ් වරාය නමින් නම්කොට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේන් පසු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතින් අද (28) දින විවෘත කරයි.

මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ හිටපු නායක එම්.එච්.එම්. අෂ්රෝෆ් මහතා විසින් නාවික කටයුතු භාර අමාත්‍යවරයාව සිටි අවදියේ ආරම්භ කරන ලද ඔලුවිල් වරාය විවිධ හේතු හා බාධක මත අවසන් කිරීමට නොහැකි වු අතර මෙම රජය බලයට පත්වීමේන් පසු මෙම වරාය ධීවර අමාත්‍යංශයට පවරා දෙන ලදි. පසුව අමත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ බලවත් උනන්දුව මත පෞද්ගලික අංශයද මැදිහත්කරගෙන මෙම වරාය නැවත ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදි.

මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු පෞද්ගලික අංශයට හා සිය අමාත්‍යංශය මගින් සිදු කිරීම සිදුවන අතර මෙම වරාය ඉදිරිකාලයේදි ලංකා ධීවර වරාය සංස්ථාවට පවරන බව අමාත්‍යවරයා මෙහිදි පැවසුවේය.

මෙම වරාය නැවත ආරම්භ කිරීම නිසා ප්‍රදේශයේ ගැඹුරු මුහුදට යාමට ඇති බහුදින යාත්‍රා ඇතුලු ධීවර යාත්‍රා 300ට පමණ අවශ්‍ය පහසුකම් මෙමගින් සැළසෙන බවද ඒ අනුව මෙම වරායෙන් වසරකට මත්ස්‍ය මේට්‍රික්ටොන් 20000ක් පමන නෙලාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊට අමතරව වරාය තුළ ටින් මාලු කර්මාන්ත ශාලාවක් සහ අයිස් කර්මාන්ත ශාලාවක් ද පෞද්ගලික අංශය මගින් ආරම්භ කරන බවද ඒ තුළින් උතුරු නැගෙනහිර පළාතේ ධීවර ජනතාවගේ ජීවනොපාය වැඩි දියුණු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම වරායේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ධීවර අමාත්‍යංශය, ධීවර වරාය සංස්ථාව විසින් අදාළ ඇස්තමේන්තු සකස්කරගෙන යන බවද වරාය තුළින් ධීවරයන්ට ඉන්ධන සැපයිම සදහා වරාය තුළ ඇති ඉන්ධනහල් ද ප්‍රතිසංස්කරණය කරමින් පවති.මෙම කටයුතු සදහා පෞද්ගලික අංශය සහ ප්‍රදේශයේ ධීවර සංවිධාන ද සහභාගි කරගන්නා බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

 

Post Views: 6
Previous Post

මෙරට පවතින තත්ත්වය මත හදිසි නීතිය කිසිසේත් සාධාරණීකරණය නෑ – මහාචාර්ය ජී. එල්

Next Post

අගෝස්තු අග වන විට ඖෂධ ගැටලුව විසඳෙයි – සෞඛ්‍ය ඇමති

editor

editor

Next Post

අගෝස්තු අග වන විට ඖෂධ ගැටලුව විසඳෙයි - සෞඛ්‍ය ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved