27 April 2024
#දේශීය

අලුත් ගමක් අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්වයෙන් රත්තොට ඩෙංගු වැඩසටහනක්

අලුත් ගමක් අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව සංවර්ධන වැඩසටහන යටතේ සංවිධානය කළ නොමිලේ පැවැත් වූ විශේෂ ජංගම සේවා වැඩසටහනක් රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්විණි.

උප්පැන්න,විවාහ මරණ ලේඛන නොමැති පුද්ගලයන් සඳහා අදාල ජංගම සේවය පැවැත්විණි.

කල් ගතවු උපත් ලියාපදිංචිය,අනුමාන වයස් සහතික ලියාපදිංචිය,විවාහ ලියාපදිංචිය,කල් ගත වූ මරණ ලියාපදිංචිය,උප්පැන්න,විවාහ සහ මරණ සහතිකවල පවතින ගැටලු සඳහා විසඳුම් සහ උපදෙස් ලබා දීම
මෙහිදි සිදුවිය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,දිස්ත්‍රික් සහකාර රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලය,ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය සමඟ එක්ව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කළේය.

රත්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් අංජලා දිසානායක මහත්මය ද මෙම අවස්ථාවට එක් වූවාය.රත්තොට ප්‍රාදේශීය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මියගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් තිසර නන්දන මහතා වැඩසටහන සම්බන්ධීකරණ කළේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *