27 April 2024
#දේශීය

ඕමානයේ සිටින වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකක ඇඳන් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළේය.

රෝහල්වලට බෙදාහැරීමට නියමිත මෙම පරිත්‍යාගය සඳහා ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ සහෝදරත්වය, බැංකුකරුවන් හා ඕමානයේ වෙසෙන අනෙකුත් වෘත්තිකයන්‍ විසින් දායකත්වය ලබා දෙන ලදී.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා එම පරිත්‍යාගය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට සහ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ. රත්නායක මහතාට භාර දුන්නේ ය.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් සහ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය මෙම පරිත්‍යාග කටයුත්ත සම්බන්ධීකරණය කර එය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු සම්පාදනය කළහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *