එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන නිත්‍ය සැසිවාරය අද (සැප්තැම්බර් 07) ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ආරම්භ වේ. අද දින ආරම්භ වන මෙම සැසිවාරය ලබන ඔක්තෝබර් 07 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
සැසිවාරයේ ආරම්භක දිනය වන අද දිනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක්ද මෙම සතියේදී කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම විශේෂත්වයකි.














