2026 වසරේ පැවැති හොඳම කළමනාකරණ පිළිවෙත් සහිත සමාගම් සම්මාන උළෙලේදී (Best Management Practices Company Awards 2026), සමස්ත රිදී සම්මානය ඇතුළු සම්මාන නවයකින් පිදුම් ලැබීමට ඔමේගා ලයින් (Omega Line Ltd) සමාගම සමත්ව ඇත. Oniverse සමාගමට අයත් මෙම ඇඟලුම් නිෂ්පාදකයා, ඇඟලුම් අංශයට අදාළ ක්ෂේත්‍ර සම්මානය මෙන්ම තමන් තරග කළ අංශ හතරේම ජයග්‍රහණය තහවුරු කරමින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ.
සමාගම ලබාගත් ජයග්‍රහණ අතර පරිසර පාලනය (Environmental Governance), මානව සම්පත් කළමනාකරණය (People and HR Governance), කාන්තා නායකත්වය සහ කාන්තා කේන්ද්‍රීය මුලපිරීම් (Women’s Leadership and Women-Focused Initiatives) මෙන්ම අපනයන අංශයට (Exports – Extra Large-Scale) අදාළ සම්මාන ද ඇතුළත් වේ. මීට අමතරව, විශිෂ්ටතම කළමනාකරණ පිළිවෙත් සහිත ඉහළම ආයතන 10 අතරට තේරී පත් වූ ඔමේගා ලයින් සමාගම, විශිෂ්ටතම කළමනාකරණ පිළිවෙත් සඳහා වන විශේෂ සම්මානයෙන් ද පිදුම් ලැබීය.
මෙහිදී එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා ද සිය සුවිශේෂී නායකත්වය වෙනුවෙන් නායකත්ව විශිෂ්ටතා සම්මානයෙන් (Leadership Excellence Award) පිදුම් ලැබූ අතර, වගකිවයුතු ව්‍යාපාරික පිළිවෙත් සහ වාණිජමය සාර්ථකත්වය එකට ගමන් කරන බව මෙම සම්මාන මගින් යළිත් තහවුරු වූ බව ඔහු ප්‍රකාශ කළේය.













