27 April 2024
#සංවර්ධන

මෙරට නිදහස් සංවත්සරය වෙනුවෙන් ජපන් තානාපති සීතාවක උද්භිද උද්‍යානයේ රුක් පැළයක් රෝපණය කරයි

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ජපාන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරීම නිමිතිකොටගෙන ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ රුක් පැළයක් රෝපණය කළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහභාගී වූ මෙම අවස්ථාවට, ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ සීතාවක ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානය පිහිට වූ සීමාසහිත ෂිමොකිකාකු සමාගමේ අධ්‍යක්ෂ හිරොයුකි ෂිමොතොරි ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *