බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමාගේ 164 වැනි ජන්ම දිනය මේ මස 22 වැනි දිනට යෙදී තිබිම නිමිත්තෙන් පැළ ලක්ෂයක් සිටුවීමේ ජාතික වැඩසටහනක් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කර ඇත.
එදින දිවයින පුරා සිටින සියලූම සිඟිති, පෝතක හා බාලදක්ෂ බාලක බාලිකාවන්ගේ සහභාගි වනු ඇත.
එහි සමාරම්භක වැඩසටහන ප්‍රධාන බාලදක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කරන අතර ඊට සමඟාමීව සියලූම දිසා බාලදක්ෂ සංගම් ඒ ඒ දිස්ත්‍රික්කයන් තුළ එදින පැළ සිටුවීම සිදුකෙරේ.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ මාධ්‍ය ඒකකය හා සාමයේ පණිවිඩකරු ජාතික සංවිධායකයන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව සහය ප්‍රධාන කොමසාරිස් ප්‍රභාත් කුලරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සියලූම බාලදක්ෂයන් පැළ 02 බැගින් රෝපණය කළහොත් දිනකදී පැළ ලක්ෂයක් සිටුවීම පහසු කටයුත්තක් බව පැවැසූ කුලරත්න මහතා මෙහිදී පැළ රෝපණය කිරීමට පමණක් සීමා නොවී පැළ රැකගැනීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කරන බව කියා සිටියේය.