27 April 2024
#දේශීය

රඹුක්කන පොලිස් වෙඩි තැබිමකින් අයෙකු මරුට … 12 කට තුවාලයි

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට කටයුතු කල පොලීසිය විසින් සිදු කළ වෙඩි තැබීමෙන් අයෙකු මිය ගොස් තිබේ.

මේ වනවිට තුවාල ලැබු 12 දෙනෙකු කැගල්ල රෝහලට ඇතුළත් කර ඇත. තෙල් මිල වැඩි කළත්, තෙල් නොමැතිව පීඩාවට පත්වීමට තමන්ට සිදුව ඇතැයි පවසමින් රඹුක්කනදී මෙම විරෝධතාව අද පෙරවරුවේ ආරම්භ කළේය.

මෙම විරෝධතාවයට සමගාමීව නගරයේ සියලු වෙළෙඳසැල් ද වසා දැමු අතර මෙම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *