27 April 2024
#දේශීය

රිය අනතුරින් අයෙකු මරුට

මිරිගම, නිට්ටඹුව ගිරිඋල්ල මාර්ගයේ කඳන්ගමුව ප්‍රදේශයේ අද(06) අළුයම සිදු වු රිය අනතුරිකින් අයෙක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම අනතුරු සිදුව ඇත්තේ යතුරුපැදියක් මාර්ගයේ අලුත්වැඩියාව සිදු කරන ස්ථානයක හාරන ලද වලක් ආවරණය කිරීම සඳහා යොදා තිබු බැරලයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු මිරිගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක් වු ලෝලුවාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරයේ මීරිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *