• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉතිහාසයේ පළමු වරට ගුරු-සිසු තොරතුරු Online ක්‍රමයට

9 August 2019
in සංවර්ධන

පාසල් පද්ධතිය සක්‍රීයව හා වඩාත් කාර්යක්ෂම ව පවත්වාගෙන යාමේ දී ඊට සම්බන්ධ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවට පිළිබඳ ව නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය කටයුත්තක් වන අතර, මෙතෙක් එම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණේ සෑම වසරකම ජුනි මාසය වනවිට ලබාගන්නා පාසල් සංගණනය මගින් බව අධ්‍යාපනය අමාත්‍යංශය පවසයි.

එහෙත් තොරතුරු තාක්ෂණයේ ප්‍රවණතා සමග අනාගතය වෙත පිවිසෙමින් සිටින යුගයක ඉතා ඉක්මණින් සහ වඩාත් පහසුවෙන් තොරතුරු ලබාගත හැකිවන පරිදි Online ක්‍රමයට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු කළමනාකරණය කිරීම ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, මේ වනවිට මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වඩාත් නිවැරදි සහ යාවත්කාලීන දත්ත ඇසුරෙන් ජාතික ප්‍රතිපත්ති හා තීන්දු තීරණ ගැනීමට හැකි අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් පවත්වාගෙන යාමට මේ වනවිට ක‍ටයුතු යොදා තිබේ. මෙමඟින් රජයේ පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා උපකෘත පාසල්වල සේවය කරන සියලු ම ගුරුවරුන් වෙත වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත්, ඔවුන්ගේ සේවා තෘප්තිය ඉහළ නැංවීම සඳහා වන විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමටත් අපේක්ෂා කෙරේ.

මෙරට පාසල් පද්ධතිය තුළ දැනට සිටින ගුරුවරුන් සංඛ්‍යාව, ගුරුවරයෙකුගේ මුල් පත්වීමේ සිට සේවය කරන ලද සියලුම ස්ථාන ඇතුළත් සේවා තොරතුරු, වර්තමානයේ සේවය කරන පාසල, පත්වීමේ ස්වභාවය, උසස්වීම්, පන්තිය හා ශ්‍රේණිය, පත්වීම ලබා ඇති විෂය සහ දැනට පාසලේ උගන්වන විෂය, ඇතුළු සියලු තොරතුරු, මේ හරහා Online ක්‍රමයට ලබාගැනීමේ හැකියාව සැලසෙයි.

ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුවේ සියලු තොරතුරු මෙසේ Online ක්‍රමයට ලබාගැනීමට හැකිවීම තුළින් ගුරුවරුන් විශ්‍රාම යාමේ දී මෙතෙක් පැවැති ගැටලු විසඳීමට අවස්ථාව සැලසේ. මෙම තොරතුරු පද්ධතිය නිසා කලාප, පළාත් සහ ජාතික මට්ටමින් කඩිනමින් තීන්දු තීරණ ගැනීම සඳහා අදාළ නිලධාරීන් ට හැකියාව ලැබේ.

ඒ අනුව ගුරු හිඟය පවත්නා පාසල්, ගුරු අතිරික්තයක් පවත්නා පාසල්, විෂය අනුව ගුරුභවතුන් පත්ව නොමැති අවස්ථා ඇතුළු සියල්ල පහසුවෙන් නිරීක්ෂණය කරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා වඩාත් ඉක්මණින් යොමුවීමේ ඉඩප්‍රස්ථා මේ අනුව සැලසෙයි.

මේ වනවිටත් Online ක්‍රමයට තොරතුරු ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් දිවයිනේ සියලු කලාප අධ්‍යාපන කාර්යාලවල විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීම අවසන් කර ඇත. තව ද, 2019-06-07 දිනැති අංක 30/2019 චක්‍රලේඛය මගින් මෙම තොරතුරු පද්ධතිය පවත්වාගෙන යාම සම්බන්ධ උපදෙස් ද මේ වනවිටත් සියලු පළාත්, කලාප හා පාසල් බලධාරීන් වෙත ලබා දී ඇති අතර, ශ්‍රි ලංකා ගුරු සේවයට හා ගුරු සහායක සේවයට අයත් මෙරට සිටින 247,000ක් වන සියලු ගුරුවරුන්ගේ වෘත්තීය වපසරියට අයත් සියලු ‍තොරතුරු මෙම කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීමේ කටයුතු ද අවසන් කර ඇත.

සෑම ගුරුභවතෙකු විසින් ම මසකට වරක්වත් තමාට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ලබා දී ඇති පරිශීලක ගිණුම භාවිත කර තම තොරතුරු නිවැරදිව ඇතුළත්ව තිබේ ද යන්න පරීක්ෂා කර බැලිය යුතු බවත්, තොරතුරු නිවැරදි නොවන අවස්ථාවක් පවතී නම් වහාම ඒ පිළිබඳ විදුහල්පති මගින් කලාප අධ්‍යක්ෂ දැනුවත් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි.

සමස්ත පාසල් සිසුන්ගේ තොරතුරු ද මේ වනවිට මෙම තොරතුරු පද්ධතිය වෙත ඇතුළත් කරමින් පවතින අතර, ඒ අනුව රටේ ඕනෑම පාසලක සිටින සිසු දරුවෙකු සම්බන්ධ තොරතුරු ද Online ක්‍රමයට පරීක්ෂා කිරීමේ හැකියාව ද ඉදිරියේ දී සැලසෙනු ඇත. එමෙන්ම පාසල් පද්ධතිය පිළිබඳව පර්යේෂණ කාර්යයයේ නිරතවන්නන්ට ඕනෑම සංඛ්‍යා ලේඛනයක් ක්ෂණයකින් නිවැරදිව ලබා ගැනීමේ අවස්ථාව මෙමඟින් උදාවේ. මෙම ‍තොරතුරු පද්ධතිය අන්තර්ජාලය ඔස්සේ ජනගතකිරීම එළඹෙන ඔක්තෝබර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ තීරණයක් අනුව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ද පසුගිය දා ඩිජිටල්කරණයට ලක්කෙරුණු අතර, ඒ අනුව, ලොව කොතැනක සිටියත් ඕනෑම අයදුම්කරුවෙකුට තම විභාග සහතික පත් Online ක්‍රමයට ඇණවුම් කර නිවසටම ගෙන්වා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ද මේ වනවිටත් සලසා දී තිබේ.

Post Views: 14
Previous Post

රට ඉස්සරහට යන්නනම් සන්ධාන ගත වෙන්න ඕන – අගමැති

Next Post

DLB අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල් සත 25 වැඩි කෙරේ

editor

editor

Next Post

DLB අලෙවි නියෝජිතයින්ගේ කොමිස් මුදල් සත 25 වැඩි කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved